Sunday, November 13, 2016
K.K ලියද්දි 2K අපි ඉපදිලත් නැහැ නොවැ --------------------------
K.K සමන්කුමාර කියන ලේඛකයා මම මුලින්ම කියවන්න ගත්තේ මහිලාවන්ශය කියන පොත හරහා .. යාලුවොත් එක්ක පොත් ප්‍රදර්ශනයේ උදේ ඉදලා හවස් වෙනකම් රස්තියාදු ගහන එක පොත් ප්‍රදර්ශනය පවතින සති කිහිපයේ පුරුද්දක් .. අඩේ අන්න සමන් යනවා .. පොඩ්ඩක් කතාකරමුද ? කව්ද බන් මම දන්නේ නැහෙනෙ .. ඉදකින් ඔන්න පොත් කියවන 2K ලගෙ තත්වේ .. පොත් ප්‍රදර්ශනයේ ශු ශු ගාලා පොත් දොරට වඩිනවා .. හැබයි ඉතින් වැඩි හරියක් දොරට වැඩපු ගමන් පිටිපස්සෙ දොරින් පිටවෙලා යනවා… ඒ පදුරක් පදුරක් ගානේ පාඨකයන් හොයන ලේඛකයෝ අද බිහිවෙලා ඉන්න නිසා .. ලේඛකයෙක්ගේ ප්‍රතිභාවට තහංචි දාන්න කාටවත් බැහැ...තමන්ටවත් බැහැ.. මහිලාවංශය කියවීම තුලම මට වැටහිච්ච පළමු කාරණය ඔහු පාඨකයන් මත රදා නොපවතින ලේඛකයෙක්!! සාම්ප්‍රදාය අතික්‍රමණය කොට පුහු ධනේශ්වර මධ්‍යම පාන්තික යථාර්ථවාදී ලියවිල්ල බැහැර කොට තමන් තුල පවතින වස්තු විෂය මනාව පාඨකයා වෙත ගෙන එන සොදුරුතම ලේඛකයෙක් !! සයිමන්ට පස්සේ අප අතර සැරිසරන අපුර්වතම ලේඛකයා .. මහිලාවංශයට පස්සේ කේ කේ ගේ පොත් සොයාගැනීම සදහා නොගිය තැනක් නැති තරම් .. හැබැයි ඉතින් ලංකාවනේ .. අර සෙක්ස් වලින් ගුගල් සච් කරලා ලෝකෙන්ම එක වුනේ .. ඉතින් මේ සදාචාර වාදියෝ ගබඩා කාමර වල හන්ගලද කොහෙද එතුමාගේ පොත් .. කලාවට සම්මත අසම්මත නැහැ .. ඒ වගේම දේශීයත්වය ඔලුවේ තියාගෙන කලාව සාහිත්‍ය තියා මනුස්සයකුට ජිවත් වෙන්නවත් බැහැ .. 84 එලියට ආපු 93 ආයේ ගුලට රිංගපු සර්පයා දෙවෙනි සහශ්‍රකයේ 16 වන අවුරුද්දේ 11 වෙනි කාර්තුවේ 22 වෙන්දා ආයේ එලි බහිනවා.. ඉතින් K.K ගේ අපුර්වතම ආදරනියම පොත් ටිකක් කියවන්න 2K අපි බලන් ඉන්නවා!!
Subscribe to:
Posts (Atom)
